නිරෝධායන නීති කඩා අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ඊයේ

ජූනි 17, 2021

    ගත වූ පැය 24ට නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි



    මෙම පිරිසෙන් 228ක් කුලියාපිටිය ප්‍රදේශයෙන් ද 165 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන් සහ 137 දෙනෙකු මාතලේ ප්‍රදේශයෙන් ද අත්අඩංගුවට ගෙන තිබේ.

    නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

    දිනෙන් දින නිරෝධායන රීති කඩන පිරිස් වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

    Latest News