'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ කොටස් හා ජල සාම්පල රස පරීක්ෂකවරයාට

මැයි 28, 2021

    ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජල සාම්පල රස පරීක්ෂකවරයාට යොමු කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය කොළඹ වරාය පොලීසියට කළ පැමිණිල්ලකට අනූවයි.

    කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට මුළුමනින්ම නිවා දමා තිබේ. එහෙත් ඉන් විශාල දුමාරයක් පිටවෙමින් පවතියි. ශ්‍රී ලංකා ඉන්දියානු ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ගින්න මැඩපැවැත්වීමට හැකිවිය.

    කෙසේ වුවද කාලගුණික වෙනස්වීම් නිසා නෞකාව යළි ගිනි ගැනීමේ අවදානමක් පවතියි. එමෙන්ම මේ වන විට නැව මුහුදු බත් වීමේ අවදානමක පවතින බවයි වාර්තා වන්නේ.


    මේ සිද්ධියෙන් වන පරිසර හානිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    Latest News