අද අළුයම ලිහිල් කෙරුණු සංචරණ සීමා

මැයි 25, 2021

    දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරිණ. යළිත් අද රාත්‍රී 11.00 සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙන අතර එය ජුනි මස 07 වැනිදා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මකයි.

    අද සහ සංචරණ සීමා ලිහිල් කෙරෙන සෙසු දිනයන් දෙකේදී විවෘතව තැබීමට අවස්ථාව හිමි වන්නේ සිල්ලර වෙළදසැල් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල්, මාලු, මස් සහ එළවළු වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැර යා යුත්තේ එක් අයෙකු පමණක් බවයි.

    අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවට වාහනවලින්, යතුරුපැදිවලින් හෝ පාපැදිවලින් ගමන් කිරීමේ හැකියාවක් ද නොමැති බවද ඔහු පැවසීය. වාහන ගාල් කිරීම සඳහා ද අවස්ථාව නොලැබෙන බවද අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත්, ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ආසන්නතම වෙළදසැල වෙත යාමට අද සහ 31 වැනිදා මෙන්ම ජුනි 04 වැනිදා පමණක් සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

    මේ අතර,සුපිරි වෙළෙඳසැළ් තුළ මත්පැන් අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර නොලැබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ජුනි මස 07 වැනිදා දින දක්වා සංචරණ සීමා ඉවත් කරන තෙක් පවතින කාලසීමාව තුළ අදාළ අලෙවි ස්ථාන වසා තැබිය යුතු බවයි, ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    Latest News