මෙරටින් තවත් කොවිඩ් මරණ 33ක්..

මැයි 25, 2021

    මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ. ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීමය.

    ඔවුන් බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින්.

    ඒ අතරින් මරණ 5ක් ඊයේ දිනය තුළ සිදුව ඇති බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන්නේ. අනෙක් මරණ 28 ඉකුත් 17 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලය තුළ සිදුව තිබේ.

    ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News