ශ්‍රේෂ්ඨාධිකරණයට නව මුහුණු හතරක්

ඔක් 25, 2018
    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙකුගේ පුරප්පාඩු පිරිවිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාව අද අනුමැතිය ලබාදී තිබේ. 
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නම් හතර  නිර්දේශ කර ව්‍යවස්ථ සභාවේ අනුමැතියට ඉදිරිපත් කර තිබිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
    මේ අතර අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයන් සඳහා ජනාධිපතිතුමා විසින් නිර්දේශ කර තිබු නම් හතරින් එක් අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වු බව කථානායක කාර්යාලය පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු විනිශ්චයකාර ධූරයන් පිරවිමේදි දීර්ඝ වශයෙන් කරුණු සලකා බලා තිබේ.
     
    ධූර කාලය අවසන්ව ඇති ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීම පිළිබඳවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවධානය යොමු ඇත. දැනට ස්වාධීන කොමිෂන් සභාවන්හි කටයුතු ඉතා කාර්යක්ෂමව සිදුවෙමින් පවතින බැවින් වත්මන් සාමාජිකයන්ගේ ධූර කාලය වයස අවුරුදු 80 උපරිම සීමාවට යටත්ව දීර්ඝ කිරීම යෝග්‍ය බවත් එ පිළිබඳව ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කිරිමට තිරණය වී තිබේ.

    Latest News