ඊයේ ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ

මැයි 22, 2021

    කොවිඩ්-19 ආසාදිත රෝගීන් 3,547ක් ඊයේ දිනයේ මෙරටින් හඳුනා ගැනිණ. ඉන් ආසාදිතයන් 09 දෙනෙකු විදේශ ගතව මෙරටට පැමිණි පුද්ගලයන් ය.

    මේ අතර බස්නාහිර පළාතේ කොරෝනා ආසාදනයට ලක්වුවන් 1,697 දෙනෙකු ඊයේ (21) දිනයේ හඳුනා ගෙන ඇති බවයි,කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

    විදේශ ගතව මෙරටට පැමිණි පුද්ගලයන් 09 දෙනා හැර දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම ඊයේ දිනයේ 3,538 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන තිබෙන අතර එය සංඛ්‍යාත්මකව ආසාදිතයින් 800 කි.

    කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 617 ඊයේ දිනයේ වාර්තා වී ඇත.

    කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 297ක්, මහනුවර දිස්ත්‍රික්කය 172ක්, ගාල්ල 278ක්, කෑගල්ල 109ක්, අනුරාධපුරය 108ක්, මාතර 109ක්, මාතලේ 118ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

    Latest News