ඊයේ දිනයේත් 2500 ඉක්මවු ආසාදිතයින්

මැයි 12, 2021

    ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2568 ක්.

    ඒ අතර විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 38ක් ද වෙයි. ඒ අතර ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. සංඛ්‍යාව 606ක්.

    ඒ අනූව, මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණනද එක් ලක්‍ෂ 31,098ක් දක්වා ඉහළ ගියේය.

    එම පිරිසෙන් එක් ලක්‍ෂ 6,641 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ. තවදුරටත් රෝහල්වල හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 23,607ක්.

    ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා මරණ 23 ක් වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 850 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

    Last modified on බදාදා, 12 මැයි 2021 09:05

    Latest News