නැගෙනහිර සංවර්ධනය වත්මන් රජයේ ඉලක්කයක් - ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

ජන 08, 2020

    නැගෙනහිර පළාත සංවර්ධනය කිරිම වත්මන් රජයේ ඉලක්කයක් බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

    නව ආණ්ඩුකාර වශයෙන් අනුරාධා යහම්පත් මහත්මිය පත්විමෙන් පසු අම්පාර දිස්ත්‍රික්කයේ ගැටළු පිළිබද සොයා බැලිමේ සංචාරයක අද නිරත වෙමින් ඇය මේ බන කියා සිටියාය.

    එ අනුව ජනතා ගැනටළු සදහා විසදුම් ලබා දිම සදහා ජංගම සේවාවාක් අම්පාර නගර සභා තානයම් ශ්‍රවනාගාරයේදි පැවැත්විණ. එම අවස්ථාවට ප්‍රදේශයේ ස්වාමින් වහන්සෙලා රජ්‍ය නොවන සංවිධාන නිළධාරින් සහ රාජ්‍ය අංශයේ සේවකයින් සහ සිවිල් ජනතාව විශාල පිරිසක් එක්ව සිටිහ.

    ජාතින් තුනක් වාසය කරන වසර තිහක යුද්ධයක් පැවතුන ප්‍රදේශයක නොවිසිදුනු ගැටළු රාෂියක් ඇති බව ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය පවසා සිටියාය. රට ගොඩ නැගිම වෙනුවෙන් වත්මන් රාජය ගෙන යන ක්‍රියාදාහයේදි මුලිකත්වය නැගෙනහිර පළාතට හිමිවන බව ඇය පෙන්වා දුන්නාය. සංචාරක කර්මාන්තය වැනි වැදගත් කේෂත්‍ර රාශියක් නැගෙනහිර පලාත සතුවන බැවින් ජනතා ගැටළුවලට අවධානය යොමු සහ එම ගැටළු වලට විසදුම ලබා දිම තම ඉලක්කය බවත් අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 15:52

    Latest News