නිරෝධායන නීති කඩ කළ 238 ක් අත්අඩංගුවට

මැයි 06, 2021

    ඊයේ (05) දිනය තුළ මුහුණු ආවරණ නොපැළදීම සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ගලයන් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

    පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 5486 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 5400කට පමණ නඩු පවරා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

    මුහුණු ආවරණ පැළදීමේ දී නියමිත ප්‍රමිතියෙන් යුක්ත මුහුණු ආවරණ පැළදීම අනිවාර්යය කාරණයක් බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News