නුවරඑළියේ හා ත්‍රිකුණාමලයේ වසමේ දෙකක් හුදකලා කෙරේ

මැයි 06, 2021

    තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් අද (06) සිට හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි

    රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණ ගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙලෙස හුදකලා කර ඇත්තේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත් ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටිසුභත්‍රා ලංකා මාවත ප්‍රදේශයයි.

    Latest News