චීන ආරක්ෂක අමාත්‍යවරයා, ජනපති හා අගමැති සමග විශේෂ සාකච්ජාවක් අද

අප්‍රේ 28, 2021

    චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය.

    ඒ කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළින්.

    චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම එහි අරමුණයි. චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට ද නියමිතයි.

    කලාපයේ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කෙරෙනු ඇතැයි විදේශ කටයුතු අමාතයාංශය පවසයි.

    චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති ක්‍රමවේදයන් යටතේ සිදු වෙයි.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 12:32

    Latest News