චීන ආරක්ෂක ඇමැති අද මෙරට දෙදින නිල සංචාරයක

අප්‍රේ 27, 2021

    ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (27) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

    මෙරටට පැමිණෙන චීන ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    මෙහිදී, කලාපයේ ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව එළඹෙන 29 වැනි දා තෙක් මෙරට රැදී සිටින චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා පවතින 'කොවිඩ් 19' වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන නිර්දේශ අනුව සිය සංචාරය සිදු කිරීමට ද නියමිතව තිබේ.

    Latest News