අලුත්ගම මිරිස් බීජ ගම්මානය ඇමති මහින්දානන්දගේ නිරික්ෂණයට

අප්‍රේ 24, 2021

    නාවලපිටිය, අලුත්ගම ගම්මානයේ පිහිටි අලුත්ගම මිරිස් බීජ ගම්මානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරික්ෂණයට ලක් කෙරිණ.

    අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම කෘෂි ගම්මානය තුල හරිතාගාර 24ක මෙරටට අවශ්‍ය මිරිස් බිජ, ළුණු සහ අල වගා කරනු ලබයි.

    මීට අමතරව දඹුල්ල ප්‍රදේශයේ ළුණු බිජ සහ නුවරඑලිය ප්‍රදේශයේ අර්තාපල් බීජ වගා කිරිම ආරම්භ කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත වසර දෙකක් තුල මෙරටට අවශ්‍ය මිරිස්, අල සහ බී ළුණු බිජ මෙරට නිෂ්පාදනය කිරිම අරමුණ බවයි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

    හෙක්ටයාර් පහළොස් දහසක අලුත්ගම කෘෂි ගම්මානයේ නිෂ්පාදනය කරනු ලබන මිරිස්, බි ළුණු සහ අල බීජ වගා කිරිමට සැලසුම් කර ඇති බවයි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

    අලුත්ගම කෘෂි ගම්මානය තුල මිරිස් බීජ වර්ග අඩි ලක්ෂයක වගා කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 24 අප්‍රේල් 2021 10:20

    Latest News