මේ අනූව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අප්‍රේල් 22 වැනි දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ද අප්‍රේල් 23 වන දින ජාතික චිත්‍රපට සංස්ථාව ද කැදවා ඇත.
තවද රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) හමුවට අප්‍රේල් 21 වැනි දින ‘මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය’ පිළිබද සාකච්ඡා කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවත කැදවීමට නියමිත අතර ‘අයකරගැනීමට නියමිත බදු සහ දඩමුදල්’ පිළිබද විමර්ශනය සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අප්‍රේල් 23 වැනි දින නැවත කැදවීමට නියමිතයි.
තවද රජයේ ගිණුම් පිළිබද කාරක සභාව මගින් විශේෂ කාර්යන් සදහා ගෙන්වන වාහන ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම සහ H.S කේත ( HS codes) පිළිබද විමර්ශනය සදහා පිහිටවු උප කමිටුව හමුවට අප්‍රේල් 20 වැනි දින අදාළ ආයතන කැදවා ඇත.