එළවලු බීජ මිල පාලනයට නිසි ක්‍රමවේදයක් නොමැති බවට අනාවරණයක්

නොවැ 10, 2022

    මෙරට එළවලු බීජ මිල පාලනයට නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බව, පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

    ඒ එහි සභාපති කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන්, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී.

    1997 වසරේ “බීජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති” සකස් කර තිබුණ ද එය 2021 ජනවාරි පළමු වැනි දින වන විටත්, ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. බීජ ආනයන කිරීමට පෞද්ගලික අංශයට අවසර දී තිබුණත්, එම ආයතන විසින් ගෙන්වනු ලබන බීජවල මිල පාලනය කිරීමේ ක්‍රමවේදයක් මෙම පනත තුළ අන්තර් ගත නොවන බවත්, මෙහිදී අනාවරණය වුණා. මිල පාලනය කිරීමේ ‍ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් දේශීය එළවලු ගොවියා දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, මෙය මාෆියාවක් බවත්, මන්ත්‍රීවරු පෙන්වා දුන්නා. කෝපා කමිටුව සඳහන් කළේ, එළවලු ගොවියාට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන එළවලු බීජ ලබාදීමේ ප්‍රතිශත පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවයි.

    Latest News