වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය 2වැනි දිනට අද

අප්‍රේ 20, 2021

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයේ දෙවැනි දිනය අදයි.

    පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය ඊයේ ආරම්භ කෙරිණ. පෙත්සම් විභාගය ඊයේ දිනය පුරා පැවැත්විණ. 

    එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්න සමරසිංහ ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සංවිධාන පනත අභියෝගයට ලක් කරමින්, පෙත්සම් 20ක් පමණ ඉදිරිපත් කර තිබේ.

    අදාළ පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමයේ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්.එන්.ඩී.ජේ ප්‍රනාන්දු, ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    පංචපුද්ගල විනිසුරු මඩුල්ලට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළත්.

    Last modified on අඟහරුවාදා, 20 අප්‍රේල් 2021 10:55

    Latest News