හෙරොයින් කිලෝ 340ක් සමග මෙරට ධිවර යාත්‍රාවක් ඉන්දීය හමුදා අත්අඩංගුවට

අප්‍රේ 20, 2021

    හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දියාවේ කොචී හිදී එරට මත්ද්‍රව්‍යනාශක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    'දුව ශශිලා' නම් මෙම බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙක් ද ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම හෙරෝයින් තොගයේ විදී වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 340 ක් ඉක්මවන බවයි එරට බලධාරින් සඳහන් කරන්නේ.

    Latest News