පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට, අප්‍රේල් 21 විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්න; අගරදගුරු හිමිපාණන්

අප්‍රේ 19, 2021

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් අප්‍රේල් 21 බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම ඉල්ලීම කළේය. අනිද්දා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා උපරිම ආරක්‍ෂාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙය හේතුවෙන් හෙට පස්වරු 4.00 සිට 21 මධ්‍යහ්න 12.00 දක්වා දේවස්ථානය අසළ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කර තිබේ. ඒ අනුව, ශාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත, ක්‍රිස්ටි පෙරේරා මාවත යන මාර්ගවල රථවාහන ගමනා ගමනය සීමා කරනු ඇත.

    Latest News