කහ අස්වනු විකුණා ගැනීමට ගොවීන්ට අවස්ථාව.....

අප්‍රේ 16, 2021

    ඉතිහාසයේ වැඩිම මිලට කහ අස්වනු විකුණා ගැනීමට ගොවීන්ට මෙවර අවස්ථාව හිමිවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

    ඒ, ගම්පහ දිස්ත්‍රික්කයේ කහ අස්වනු මිලදී ගැනිමට අද එක්වෙමින්. කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 400 බැගින්. කහ තොග මිලදී ගනු ලබන්නේ, උක්, බඩ ඉරිඟු කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන රාජ්‍ය අමාත්‍යාංශය මගින්.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් කහ කිලෝ 12,000 ක් මිලදී ගැනිමට නියමිතයි. තම කහ අස්වනු මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවීන් රජයට ප්‍රසාදය පළ කළේය.

    Latest News