බෝඹුරු ඇල්ලේ සැඩපහරට කොටුවූ 10ක් බේරා ගැනේ

අප්‍රේ 16, 2021

    ඌවපරණගම බෝඹුරු ඇල්ල නැරඹීමට ගිය දස දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි සැඩපහරට කොටුවී සිටිය දී පසුගිය දා රාත්‍රී බේරා ගැනීමට පොලිසිය සහ ගම්වාසීන් සමත් වුණා.

    ඒ පැය 7ක පමණ මෙහෙයුමකින් පසුවයි. කුලියාපිටිය, හලාවත සහ මහනුවර ප්‍රදේශවල පදිංචි පිරිසක් පසුගියදා බෝඹුරු ඇල්ල නැරඹීමට ගොස් තිබේ. එහි නිලධාරීන් දියඇල්ල නැරඹීමට පැමිණි පිරිස් වෙත දැනුම් දී ඇත්තේ පවතින වර්ෂාවත් සමග එහි සැඩපහර රළු වන බැවින් නැරඹීම නවත්වා අදාළ ස්ථානවලින් ඉවත්ව යන ලෙසයි. එහෙත් මෙම පිරිසට ඉවත් නොවී සිට ඇති අතර පසුව දිය ඇල්ලේ සැඩපහරට කොටු වී තිබේ. අප වාර්තාකරු පවසන්නේ අනතුරුව අඹගස්දෝව පොලිසිය සහ ගම්වාසීන් එක්ව ඔවුන් බේරාගැනීමට ක්‍රියා කළ බවයි. ඊට පැය 7ක පමණ කාලයක් ගත වූ බව ඔහු සඳහන් කළා.

    Latest News