පසුගිය මාසයේ දී නිෂ්පාදන අංශයේ වර්ධනයක්

අප්‍රේ 16, 2021

    පසුගිය මාසයේ දී නිෂ්පාදන අංශයේ දර්ශක 67.0% ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    එය මාස 9ක් තුළ ලබා ගත් ඉහළම අගයයි. දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි වේගයකින් යථා තත්ත්වයට පත්වීම මෙමඟින් පිළිබිඹු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්. ආහාර පාන වර්ග, රෙදිපිළි හා ඇඟලුම් අංශවල නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම මීට හේතුවයි. අලුත් අවුරුදු සමය ආසන්න වත්ම විකුණුම් මෙන්ම නිෂ්පාදනය ද ඉහළ ගිය බව ආහාර පාන වර්ග සමාගම්වලින් වාර්තා වී තිබේ. අවුරුදු සමයේ නිවාඩු ආවරණය මාර්තු මාසයේ නිෂ්පාදන වැඩි කිරීම මීට තවත් හේතුවක්. මූල්‍ය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා සහ තොග සහ සිල්ලර වෙළඳාමේ යන උප අංශවල දක්නට ලැබුණු වර්ධනයත් සමග සේවා අංශය සහ ව්‍යාපාර පසුගිය මාසයේදී ඉහළ ගොස් තිබේ. ඒ අනුව සේවා අංශය ක්‍රියාකාරකම් අඛණ්ඩව සිව්වන මාසයටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    Latest News