වරාය නගර ආර්ථික කලාප කෙටුම්පතට එරෙහිව පෙත්සම් රැසක්

අප්‍රේ 16, 2021

    ‘කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් එම පනත් කෙටුම්පත ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (15) ඉදිරිපත් කෙරුණා.

    එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයකදී සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස ද එම පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

    එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ජී. කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් මේ පෙත්සම් ගොනු කර තිබෙන අතර, නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කර තිබේ.

    Latest News