සිංගිමලේ රක්‍ෂිතයේ ගින්නෙන් අක්කර 200ක් විනාශයි

පෙබ 03, 2019

    හැටන් සිංගිමලේ රක්‍ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

    ඉන් අක්කර 200 ක් පමණ විනාශ වී ඇත. ගින්න පාලනය කිරිමට යුධ හමුදාව , ප්‍රදේශවාසින් සහ වන සංරක්‍ෂණ නිලධාරින් එක්වූහ. හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් සිංගිමලේ රක්‍ෂිත කදු මුදුණේ හටගත් ගින්නෙන් එම රක්‍ෂිතයේ අක්කර 200ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් වන අඩවි කාර්යාලය පවසයි.

    ඊයේ (02) පස්වරු 2 ට පමණ එම රක්ෂිතයේ හට ගත් ගින්න සීග්‍රයෙන් කඳු මුදුන දක්වා පැතිර යාමත් සමග හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින්, ලක්‍ෂපාන යුධ හමුදා කදුවුරේ භට පිරිස් සහ හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක් වි ඊයේ රාත්‍රිය වන තෙක්ම දැඩි පරිශ්‍රමයක් දරා පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට සමත්වූහ.

    හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් පානීය ජලය ලබා ගන්නා ප්‍රධාන ජල වේල්ලද එම රක්‍ෂිතයට පහළින් පිහිටා ඇති අතර, ගින්නත් සමගම එම රක්‍ෂිතයේ පිහිටි ජල මුලාශද සිදියාමේ තර්ජනයකට ලක් විඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්‍ෂිතයට ගිනි තබන්නට ඇති බවයි වන අඩවි කාර්යාලය පවසයි.

    Latest News