හැටන් වෙළඳසැල් පේලියක ගින්නක්

නොවැ 25, 2019

    හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙලදසැල් පේලියක අද (25) අලුයම ගින්නක් හටගෙන තිබේ.

    අද (25) උදැසන 6.45ට පමණ ගෑස් අලෙවි කරන වෙලදසැලකින් හටගත් ගින්න වෙළදසැල් තුනක් දක්වා පැතිර ගිය බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ. ගින්නෙන් ගැස් අලෙවි කරන වෙලදසැලක් සහ සිල්ලර වෙලදසැලක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර තවත් එක් සිල්ලර වෙලදසැලක් අර්ධ වශයෙන් ගිනිගෙන විනාශ වි ඇත. 

    ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වි නොමැත. පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ නොර්වුඩ් ප්‍රදේශවාසින් එක්ව පාලනය කළේය. ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

     

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 08:22

    Latest News