නැන්දනියගේ මළ සිරුර ත්‍රීරෝද රථයෙන් රැගෙන ගිය සැමියා ගැන පැමිණිල්ලක්

සැප් 11, 2019

     

    නිවසේදි මිය ගියේ යැයි කියන 81 හැවිරිදි මවගේ සිරුර සිය එකම පුතා විසින් ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

    වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහල කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නැමති එක්දරු මව ඉකුත් 9 දින රාත්‍රි නිවසේදි රෝගාතුරව සිට මිය ගොස් ඇති බව වටවල පොලිසිය පවසයි.

    මවගේ අවමංගල කටයුතු සිදු කිරිමට ආර්ථික ශක්තියක් නොමැති බැවින් සිරුර කැලයකට විසිකර දැමීමට සිය සැමියා විසින් ත්‍රිරෝද රථයකින් රැගෙන බව ආර්.විශ්වා ගෞරවි නැමති තිදරු මව පවසයි. සැමියා සහ අවුරුදු 15 වයසැති තම දෙවනි පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, සැමියා සහ පුතා සතියක පමණ කාලයක් නිවසට පැමිණ සිටි අවස්තාවේ රෝගාතුරව සිටි සිය නැන්දනිය නිවසේදි මිය ගිය බව විශ්වා ගෞරවි කියා සිටි.

    hatondead px 900 19 09 11

    නිවසින් පිටව ගිය තම සැමියා හෝ තම දරුවා පිලිබදව මේ වන තෙක් කිසිදු තොරතුරක් නොමැති බව විශ්වා ගෞරවි පොලිසියට පවසා ඇත.

    ස්භාවික මරණයක් නොව මෙය ඝාතනයක් බවට සැකකරන වතුයායේ පදිංචි ජනතාව වටවල පොලිසියට පැමිණිල්ලි කර ඇත. එම පැමිණිල්ල මත වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරින් එක් ව මිය ගියේ යැයි කියන එක්දරු මවගේ සිරුර සොයා විග්ටන් වතුයයේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.

    hatondead2 px 900 19 09 11

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 16:35

    Latest News