පිළිකාවලින් සිදුවන මරණ වළක්වාගත හැකියි

පෙබ 03, 2019

    පිළිකා මගින් සිදුවන මරණවලින් සියයට තුනෙන් එකක් වළක්වාගත හැකි නිසා, කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් සම්පූර්ණ සුවය ලැබීය හැකි බව, විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කර ඇත.

    ඒ ගැන ජනතාව දැනුවත් විය යුතුවේ. එමෙන්ම, සුවනාරි සායන වෙත ගොස් කාන්තාවන් අදාළ පරීක්‍ෂණ වෙත යොමු විය යුතු බව ද වෛද්‍යවරුන් කියා සිටී. පිළිකා රෝගය මේ වනවිට ලොව පුරා ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක්වී තිබේ. එය ඉදිරියේ දී තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි, හෙළිවී ඇත්තේ.

    රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ඉකුත් වසර කිහිපය මුළුල්ලේ මෙරට වාර්තාවූ මරණවලින් පිළිකා නිසා සිදුවූ මරණ දෙවැනි ස්ථානයට පත්ව තිබේ. පියයුරු, ගැබ්ගෙළ, මුඛ ගලනාල, මහාන්ත්‍ර හා ගුදමාර්ග, පුරස්ථි ග්‍රන්ථිය සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ලෙස වර්ග කිහිපයක් පවතී.

    Day px 900 03 02 19

    සෑම ගමකම සුවනාරි වෛද්‍ය සායන පැවැත්වුවද, කාන්තාවන් ඒ වෙත යොමුවී පරීක්‍ෂා කරගැනීම් සිදුකිරීම පවතින්නේ අඩු මට්ටමකයි. පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එන්නත් ලබාගැනීමේ අඩුවක් ද පවතින බව වෛද්‍යවරුන් පවසයි.

    පිළිකා වැළැක්වීමට නම්, දුම්කොළ, දුම්වැටි, බුලත්විට සහ මද්‍යසාර භාවිතයෙන් වැළකීම, යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීම, ව්‍යායාම්වල නිරතවීම සහ මානසික සුවතාව රැකගැනීම අත්‍යවශ්‍ය වේ.

    Latest News