අක්කර ½ කින් සතියකට රුපියල් 80000 – 10000 අතර ආදායමක්

අප්‍රේ 05, 2021

    ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ඊයේ(04) ලක්වුණා.

    අක්කර 100 ක ගොවීන් 50 කගේ දායකත්වයෙන් මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 7ක අධාර, අවශ්‍ය පැළ, බිංදු ජල පද්ධති, බිම සකස් කර දීම, තාක්ෂණික උපදෙස්, සියල්ල රජය සපයනවා. කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (ASMP) මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා මෙහෙයවීම සිදු කරන්නේ. අක්කර භාගයක වගාවකින් සතියකට රුපියල් 80,000 -100000 ක ආදායමක් ලැබෙන බව මෙම වගාවේ නිරත ගොවීන් ප්‍රකාශ කළා. දේශීය වෙළඳපොළ තුළත්, අපනයන වෙළඳපොළ තුළත් පැෂන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ ද අක්කර 200 ක පැෂන් වගාවක් මේ ආකාරයෙන්ම සිදු කරනවා. පසුගිය මාසයේ එයද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. වගා කළ හැකි සියලු දේ මෙරට තුළ වගා කරමින්, දේශීය කෘෂිකර්මය ගොඩනගමින්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල මෙලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය එකින්එක ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

    Latest News