ඉන්දුනීසියාවේ ගංවතුරින් පුද්ගලයින් 50ක් මියයයි

අප්‍රේ 05, 2021

    ඉන්දුනීසියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 50කට අධික පිරිසක් මියගොස් තිබේ.

    ඉන්දුනීසියාවේ හා ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයන් වෙත බලපෑ අධික වර්ෂාව ගංවතුර තත්වයට හේතුවයි. ඊයේ ඇතිවූ හදිසි වර්ෂා තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක නායයාම් රැසක් ද මේ වන විට සිදුවී තිබේ.

    ගංගා ජලය පිටාර ගැලීම හේතුවෙන් නිවාස දහස් ගණනින් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. මහා මාර්ග හා පාලම් ගංගා ජලය හේතුවෙන් විනාශයට පත්ව තිබේ. වර්ෂාව හේතුවෙන් ඇතිවූ විනාශකාරී බලපෑම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ සිට අසල්වැසි රටක් වන ටිමෝර් ලෙස්ටේ දක්වා විහිද ගොස් තිබේ.

    ගලවාගැනීමේ කණ්ඩායම් හා දිවි බේරාගත් පුද්ගලයන් එක්ව තවමත් විපතට පත් පුද්ගයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට නිලධාරීන් අනතුරු අගවයි.

    Last modified on සදුදා, 05 අප්‍රේල් 2021 10:07

    Latest News