ගෙවුණු පැය 24ට රිය අනතුරු මරණ 12ක්

අප්‍රේ 03, 2021

    දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනෙකු ඊයේ (02) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24තුළ මියගොස් තිබේ.

    මියගිය පුද්ගලයන් අතර පදිකයන් 05ක් ලොරි රථයක ගමන් කළ 01 පුද්ගලයෙකු, ත්‍රිරෝද රථයක් ගමන් කළ පුද්ගලයන් 04ක්, යතුරු පැදිකරුවන්02ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    අප්‍රේල් මාසය වැඩිම රිය අනතුරු සිදුවන කාල පරිච්ඡේදය ලෙස පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර එබැවින් නීති ගරුකව රිය පදවන ලෙසත් පදිකයන් ඉතා සැලිකිලිමත්ව ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටී.

    Latest News