තවත් ආසාදිතයින් 211ක් හඳුනා ගැනේ

අප්‍රේ 03, 2021

    අද (03) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 211 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඉතිරි පුද්ගලයින් 183 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 35 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 95 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වලින් වාර්තා වේ.

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 93,127ක් වන අතර ඉන් පුද්ගලයින් 89,700 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (03) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2,856 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

    රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 294ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කිසිදු මරණයක් වාර්තාවී නොමැත. ඒ අනුව, අද (03) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 571 ක් වේ.

    අද දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 96 ක් තුළ පුද්ගලයින් 9,050 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (02) දිනය තුල PCR පරික්ෂයණ 5,427 ක් සිදුකර ඇත.

    Latest News