පැය 48ක් තුළ යතුරුපැදි වැරදි 8957ක්

අප්‍රේ 03, 2021

    පසුගිය 31 වැනිදා සහ පසුගිය පළමු වැනිදා අතර පැය 48ක කාලය තුල යතුරුපැදි වැරදි 8957ක් සම්බධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්ප්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 264 දෙනෙකු ද එහිදී අත්අඩංගුවටගෙන තිබේ.

    ඔහු පවසන්නේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1298ක් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බවයි.

    යතුරුපැදි සම්බන්ධ මෙම විශේෂ මෙහෙයුම අද (03) දිනයේත් ක්‍රියාත්මකයි.

    Latest News