කල්පිටිය මුහුදේදී; ධීවරයින් 13කට මාංචු

පෙබ 02, 2019

    කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්‍රා 04 ක් නාවික හමුදා භාරයට ගැනිණ.

    තවද, පසුගිය මාසය තුලදි පමණක් විවිධ ප්‍රදේශයන්හි සඟවා තිබූ තහනම් දැල් විශාල ප්‍රමාණයක් සහ තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ ධීවරයන් විශාල පිරිසක් නාවික හමුදා භාරයට ගැනිණ.

    මෙවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා රජයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටින අතර, සාගර මත්ස්‍ය සම්පත රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයයෙන් සිටී.

    Last modified on සෙනසුරාදා, 02 පෙබරවාරි 2019 12:25

    Latest News