රුපියල් දහසක සහන මල්ල අද (01) සිට සතොස වෙළෙඳ සැල්වලින්.....

අප්‍රේ 01, 2021

    රුපියල් දහසක සහන මල්ල අද සිට සතොස වෙළෙඳ සැල්වලින් මිලදී ගත හැකි බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    භාණ්ඩ 12කින් යුත් මෙම සහන මල්ලේ නියමිත වටිනාකම රුපියල් 1,400ක්. පාරිභෝගිකයින්ට මෙම සහන මල්ල මිලදී ගැනීමෙන් රුපියල් 400ක ලාභයක් හිමිවේ. සමාරම්භක උත්සවය ජා-ඇළ මෙගා සතොස අලෙවි සැලේදී අද (01) පැවැත්විණ. සතොස අලෙවි සැල්වල මෙතෙක් ක්‍රියාත්මක වූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල අඩු කිරීම ද, තවදුරටත් ක්‍රියාත්මකයි. ඊට අමතරව, නව සහන මල්ල හඳුන්වා දී තිබේ.

    උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සහන මල්ල හඳුන්වාදීමේ අරමුණයි. අද සතොස වෙළෙඳසැල්වලින් රුපියල් දහසේ සහන මල්ල මිලදී ගැනීමට පාරිභෝගික ජනතාව පැමිණ සිටි ආකාරය දක්නට ලැබිණ.

    Latest News