නාවික හමුදාවෙන් යාත්‍රා 2ක්; සීෂෙල්ස් වෙත

පෙබ 02, 2019

    මෙරට නිෂ්පාදිත රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීම ඊයේ (01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී සිදු කෙරිණ. 

    උත්සවය පැවැත්වුණේ, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස්හි උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතාගේ ප්‍රධානත්වයෙන්. වැලිසර නාවික හමුදා යාත්‍රා නිෂ්පාදන වැඩපලෙහි නිපදවනු ලබන යාත්‍රා අන්තර්ජාතික ප්‍රමිතිකරණයන් සහිතව නිෂ්පාදනය කරනු ලබයි. එය මුළුමනින්ම ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.

    සීෂෙල්ස් රාජ්‍ය වෙත භාර දෙන ලද මෙම නාවික යාත්‍රා 2018 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරුවන්ගේ තාක්ෂණ ප්‍රයෝජනයට ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මෙම යාත්‍රා නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත.

    ඒ අනුව, 2016 වර්ෂයේදී ද නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා කිහිපයක් නයිජිරියානු රාජ්‍ය වෙත ලබා දීමට ද කටයුතු කරන ලදී.

    4

    19

    22

    Last modified on සෙනසුරාදා, 02 පෙබරවාරි 2019 09:51

    Latest News