ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මාර් 30, 2021

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

    හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10 සිට අප්‍රේල් 1 වන දා සවස 4 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

    වනවාසල,ඔලියමුල්ල,වත්තල,මීගමු පාර,ඇවරියවත්තපාර,තෙලඟපාත,මීගහවත්ත,හේකිත්ත,පල්ලයවත්ත,වැලිඅමුණ පාර,බලගල,ගලහදූව,මරදාන පාර,ඇලකන්ද,හැඳල පාරේ කොටසක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

    Last modified on අඟහරුවාදා, 30 මාර්තු 2021 10:49

    Latest News