ගෙවුනු දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

මාර් 30, 2021

    ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව (47) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඊයේ (29) වාර්තා වූ සමස්ත ආසාදිතයින් 215 දෙනා අතරින් පුද්ගලයින් 49 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පූද්ගලයින්. ඉතිරි පුද්ගලයින් 166 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

    ඒ අතරින්, යාපනය සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 17දෙනා බැගින් වාර්තා වී ඇත. ගෙවුණු දිනයේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබේ.

    මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92303ක් වන අතර ඒ අතරින් පුද්ගලයින් 88914 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

    තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2823 දෛනකු පමණි. කොරෝනා මරණ 5ක් වාර්තාවීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 566ක් දක්වා ඉහළ ගියේ ය.

    ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 9,047 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 4,379කි.

    මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 312 දෛනකුට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර මේ වනවිට පළමු එන්නත් මාත්‍රාව ලබා දි ඇති පුද්ගලයින් සංඛ්‍යාව 894,365කි.

    Cov

    Latest News