ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ මැදින් පොහොය අදයි

මාර් 28, 2021

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි.

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ පෝය දිනයක් ලෙස මෙය සැලකේ. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සුද්ධෝදන පියරජතුමාගේ රාජධානිය වූ කපිලවස්තු පුරයට පළමුවරට වැඩම කළේ අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

    විසි දහසක් භික්ෂූන් වහන්සේ සමඟ වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සුද්ධෝදන මහ රජතුමා මාර්ග ඵල ලැබුවේ ද අද වැනි දිනකයි. රාහුල සහ නන්ද යන කුමාරවරුන් පැවිදි දිවියට පිවිසීම බුදුරජානන් වහන්සේ යසෝදරා දේවියගේ ගුණ දක්වමින් සඳකිඳුරු ජාතකය දේශනා කිරීම ද මැදින් පොහෝ දින සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයක් වේ. ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙළීම සඳහා බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑවේද මැදින් පුර පසළොස්වක පෝය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන්. 

    ජාතික රූපවාහිනිය වාර්ෂිකව සිදුකරන "මුණි සිරිපා වන්දනා" පෝදා සජිව විකාශය මෙවර පැවැත්වෙන්නේ 38 වැනි වරටයි. බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා, සමාජ සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා ශ්‍රී පාදස්ථානයේ සිට විකාශය කෙරේ.

    Latest News