අනවසර විදුලි රැහැනක පැටලී වන අලියෙකු මරුට

මාර් 28, 2021

    වැල්ලවාය ඌව කුඩාඔය, තෙලුල්ල ගග පාර ප්‍රදේශයේ දී විදුලි සැර වැදීම නිසා වන අලියෙක් මියගොස් තිබේ.

    අනවසර විදුලි රැහැනේ ගැටීමත් සමග එම වන අලියා ජීවිතක්‍ෂයට පත් වී ඇති අතර, ඉතාමත්ම හොදින් වැඩුණු අලියෙකු බව වනජීවි නිලධාරීන් පවසයි. අනවසර විදුලි රැහැන ඇද තිබූ සැකකරු ඌව කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු තෙලුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News