අවදානම් රටවල් 20කට අනුමත එන්නත් මාත්‍රා

මාර් 27, 2021

    කොරෝනා වෛරසයෙන් වඩා අවදානමට ලක් වූ රටවල් 20ක් සඳහා දැනට අනුමත එන්නත් මාත්‍රා පරිත්‍යාග කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත රටවලින් ඉල්ලා සිටියි.

    කොරෝනා ඇති අවදානම් සහිත දුප්පත් රටවල සෞඛ්‍ය සේවකයන් හා වැඩිහිටි පුද්ගලයන් සඳහා එම එන්නත් යොදා ගැනීමට නියමිතව පවතියි.

    මීට අමතරව,ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් අද්නම් ගේබ්‍රියෙසස් ඊයේ ප්‍රකාශ කරමින් කියා සිටියේ,ඉන්දියාව දැනට එන්නත් අපනයනය තාවකාලිකව නවතාලීම සාධාරණ බවයි.

    ඉන්දියාව තුළ වාර්තාව වන නව ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් රට තුළ භාවිතය සඳහා එන්නත් සංචිත පවත්වා ගැනීම සාධාරණ බව ඔහු පෙන්වා දුන්නේය.

    නමුත්,ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ආරම්භ කළ කොවැක්ස් එන්නත් වැඩපිළිවෙල ද ඉන්දියාව ගෙන ඇති තීරණය මත තාවකාලිකව නැවතී තිබේ.

    කොවැක්ස් එන්නත් වැඩසටහන මගින් රටවල් 61ක් සඳහා එන්නත් මාත්‍රා මිලියන 32ක් ලබාදී තිබුණ ද තවත් රටවල් 36ක් එන්ත් ලැබෙන තුරු බලා සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂකවරයා කියා සිටියි.

    Last modified on සෙනසුරාදා, 27 මාර්තු 2021 09:49

    Latest News