රවි ඇතුළු විත්තිකරුවන්ගේ පෙත්සම් ගැන කරුණු දැක්වීමට කල් දෙයි

මාර් 26, 2021

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන්න පිළිබඳව පෙත්සම්කරුවන් ගෙන් උපදෙස් ලබාගෙන මැයි මස 07 වන දා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 50 කට අධික වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින

    මෙම පෙත්සම් අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව සඳහන් කළා.

    ඒ අනුව මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තිබේද? යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතු වී තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් අත්අඩංගුට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව සහ පොදු දේපළ පනත යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙන සහතිකය එම නඩුකර යටතේ අභියෝගයට ලක් කර ඇති බව සඳහන් කළා.

    කෙසේ වෙතත් මෙම පෙත්සම් තව දුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන කරුණ පිළිබඳව තම සේවාදායකයින් ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් මේ වන විට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හෙයින් මේ පිළිබඳව උපදෙස් ලබා ගැනීමට කල් ලබා දෙන ලෙසත් එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය මෙම පෙත්සම් නැවත මැයි මස 7 වනදා කැඳවීමට නියම කළ අතර එදින ඒවා තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළා.

    Latest News