රවී කරුණානායකගේ බැඳුම්කර නඩුව යළි කැදවීමට නියම වෙයි

ජූනි 22, 2021

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි කැදවීමට නියම වෙයි.

    2016 වසරේ මාර්තු මස සිදුවූ බැදුම්කර වෙන්දේසියක දී රජයට රුපියල් බිලියන 15 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් යලි විභාගය සඳහා ජුලි මස 02 වනදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දින නියම කර තිබේ.

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛය ප්‍රකාරව මෙම නඩු විභාග කල් දමා තිබුණි.

    ඉන් අනතුරුව මෙම නඩු විභාග කිරීම සදහා යලි ජුලි මස 02 වනදා කැදවන ලෙස අමල් රණරාජා, නාමල් බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ.

    2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 15 ක මුදලක් පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

    Latest News