මෙම පැමිණිල්ල අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැති සැකකරු ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
අලව්දීන් මොහොමඩ් මුවාත් නමැති පුද්ගලයා විසින් පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ අතර ඉන් අනතුරුව ඔහුගේ පියා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.