සිංහරාජයේ කිසිඳු හෝටලයක් ඉදිනොවන බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසයි (වීඩියෝ)

මාර් 15, 2021
  • සිංහරාජ රක්ෂිතය තුළ කිසිඳු හෝටලයක් ඉදිනොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. පෞද්ගලික ඇතැම් රූපවාහිනී නාලිකා මගින් සහ සමාජ මාධ්‍ය තුළින් ඒ සම්බන්ධව කෙරෙන චෝදනා පදනම් විරහිත බවයි,එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පසුගියදා විකාශය වූ වැඩසටහනක දී තරුණියක ප්‍රකාශ කළේ,සිංරාජ රක්ෂිතයේ හෝටලයක් රක්වාන ප්‍රදේශය ආශ්‍රිතව ඉදිවන බවයි. එම නිසා පරිසර හානියක් සිදුවන බව ඇය ප්‍රකාශ කළාය.

    සිංහරාජ වනාන්තරයේ ගස් කපාදමා හෝටලයක් ඉදිකෙරෙන බවට ඇය ප්‍රකාශ කළ ස්ථානයයි මේ. මෙම රතුපාට සළකුණෙන් ඔබ දකින්නේ සිංහරාජ රක්ෂිතයේ සීමාවයි. කහපාට සලකුණ තරුණිය පවසන හෝටලය ඉදිවන ස්ථානයයි.

    මෙම ඉඩමේ අයිතිය පිළිබඳව ද අප සොය බැලීය. ඉඩමේ සින්නක්කර ඔප්පුවේ තිබෙන ආකාරයට රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ට මෙම ඉඩමේ අයිතිය හිමිව තිබේ. එය සිංහරාජ රක්ෂිතයේ කොටසක් නොවන බව ද මෙම ඔප්පුව මගින් තහවුරු වෙයි.

    මෙම ස්ථානයේ හෝටලයක් ඉදිකෙරෙන බවට තරුණිය ප්‍රකාශ කළ ද මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ,නිවාස කිහිපයක් ඉදිකිරීමට පමණක් අවසර ලබාගෙන ඇති බවයි.

    ඊට අදාළ නිවාසවල සැළසුම් ද ඉඩමේ හිමිකරුවන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබේ.

    Last modified on සදුදා, 15 මාර්තු 2021 19:20

    Latest News