ග්‍රෑන්ඩ්පාස් ගින්නකින් නිවාස 50ක් විනාශයි

මාර් 15, 2021

    කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කජීමා වත්තේ අද අලුයම 2.40ට පමණ ඇතිවූ ගින්නකින් නිවාස රැසක් ගිනිගෙන විනාශ වී තිබේ.

    ගින්නෙන් එම ප්‍රදේශයේ ඉදිකර තිබූ තාවකාලික නිවාස 50කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් විසින් මේ වනවිට ගින්න පාලනය කර තිබේ.

    ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි,වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News