ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 304 ක්

මාර් 10, 2021

    ඊයේ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 16 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 288 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 58 ක් ලෙසය. ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 156 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 82,557 ක් වේ. ඉන් පුද්ගලයින් 81,323 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 79,498

    ඒ් අනුව අද වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 86,342 ක් වන අතර ඉන් පුද්ගලයින් 82,752 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. එමෙන්ම රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,079 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    තවද පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 240 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News