පාස්කු කොමිෂන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

මාර් 10, 2021

    පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය අද ආරම්භ වීමට නියමිතයි.

    ඒ ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ ගෙන එන කල්තැබීමේ යෝජනාවක් ලෙසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයක් අනූව, විවාදය දින තුනක් පැවැත්වීමට නියමිතයි.

    අද ආරම්භ වන විවාදය මේ මස තුන්වැනි සතියේ පාර්ලිමේන්තුව රැස්වන මුල් දින දෙකේ ද පැවැත්වෙන බවයි, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා කියා සිටියේ.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 08:19

    Latest News