යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ අභිප්‍රායන් සැපිරෙයි

මාර් 09, 2021

    යාන් ඔය හරස් කොට ඉදි කෙරුණු යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ අභිප්‍රායන් සපුරා ගැනීමට මේ වන විට හැකිව තිබේ.

    ඒ යටතේ, ජයන්තිවැවෙන් වාරි ජලය ලබා ගත් ගොවීන්ගේ අස්වැන්න වී බුසල් 130 දක්වා ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    පදවිය ජලාශයෙන් ජයන්තිවැවට ජලය මුදාහැරීම හේතුවෙන් අක්කර 6,000කට පමණ දියවර සැපයීමේ හැකියාව ලැබිණ. මහ කන්නයේ දී මෙතෙක් ජයන්ති වැව යටතේ, වී වගා කර නොතිබිණ. එහෙත්, ජලය ලැබීමත් සමග සම්පූර්ණ වගා වපසරිය අස්වැද්දීමට හැකියාව ලැබී තිබේ.

    යල කන්නය ද ජල හිඟයකින් තොරව ආරම්භ කිරීමට ගොවීන් සූදානම්. රිටිගල කඳු පන්තියෙන් ආරම්භ වන යාන් ඔය හුරුළු වැවට එක්වීමෙන් එහි වාන් ජලය හා වෙල් පහු ජලය යළි යාන් ඔයට එක් වෙයි.

    එමගින්, වාර්ෂිකව විශාල ජල ප්‍රභවයක් පුල්මුඩේ ප්‍රදේශයෙන් මුහුදට එක්විය. එහෙත් 2012 වසරේ දී එවක ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය ඇරඹීමත් සමග ඒ තත්වය වෙනස් විය. ව්‍යාපෘතියේ මුළු ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ 35,000ක්.

    Latest News