ඩො.මිලියන 300ක ටයර් කම්හලක් හම්බන්තොටට (වීඩියෝ)

නොවැ 21, 2020
  • හම්බන්තොට වරාය කාර්මික උද්‍යානයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතියට පසුගියදා අත්සන් තැබුණි. 

    අමෙරිකානු ඩොලර් මිලියන 300ක අයෝජනයෙන් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඒ් අනූව ඉදිකිරීමට නියමිතයි. ලොව ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන සමාගමක් වන චීනයේ ෂැන්ඩොං හහෝවා ටයර් සමාගම ඒ් සඳහා ආයෝජනය කර තිබේ.

    ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක සහ ෂැන්ඩොං හහෝවා ටර්ය සමාගම වෙනුවෙන්,කාවෝ මින්ෂැං යන මහත්වරුන් විසින්. ඒම අවස්ථාවට,වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොං යන මහත්වරුන් ඒක්විය.

    ගිවිසුමට අනූව වසර තුනක් තුළ මෙහි නිෂ්පාදිත ටයර් අපනයනයට නියමිතයි. වාර්ෂිකව ටයර් මිලියන 9ක් නිෂ්පාදනය ඉලක්කයයි. කර්මාන්ත ශාලාවේ ශ්‍රී ලාංකිකයන් 2,000කට සෘජු රැකියා හිමිවනු ඇති.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 20:20

    Latest News