වේල්ලවීදීය මළ සිරුරේ DNA වාර්තා නිකුත් වෙයි

මාර් 09, 2021

    කොළඹ වේල්ලවීදීයේ දී පසු ගිය මාර්තු 01 වන දිනහමු වූ හිස නොමැති කාන්තා මළ සිරුරේ ඩී.එන්.ඒ වාර්තාව නිකුත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    රජයේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න මහතා නිකුත් කර ඇති වාර්තාවට අනුව කුරුවිට තෙප්පලනාව පදිංචි ඝාතනය වූ තරුණියගේ ඩී.එන්.ඒ සාම්පලය අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ ඩී.එන්.ඒ සමඟ ගැළපෙයි.

    මේ අනුව අදාළ තැනැත්තියගේ ජෛව විද්‍යාත්මක මව සහ ජෛව විද්‍යාත්මක සහෝදරයා හඳුනාගැනීම සමඟ මෙම මළ සිරුර කුරුවිට තෙප්පනාව පදිංචි වයස අවුරුදු 30ගේ තරුණියගේ බව ජෛව විද්‍යාත්මකව සනාථ කර තිබේ.

    මේ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) හෝ හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    මෙම සිදුවීමට අදාළ හිස තවමත් සොයා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වේල්ලවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News