චීනයට අපනයන දෙගුණ වෙයි

ඔක් 25, 2018

    ශ්‍රී ලංකාව චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වර්ධනය වී තිබේ.

    ඒ වසර 10කට පසුවයි. චීනයේ ජාතික කෘෂිකාර්මික තොග වෙළෙඳ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමඟ පැවති සාකච්ජාවක දී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව ප්‍රකාශ කළේය . එය පැවැත්වුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දීයි.

    චීනයේ ප්‍රධාන වෙළෙඳ සංකීර්ණ 200කට අධික සාමාජික පිරිසකගෙන් සමන්විත වෙළෙඳ සංගමයේ වාර්ෂික තොග වෙළෙඳාම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක්. චීනයේ සියලුම ප්‍රාන්ත හා නගර සභාවල එම සංගමයට අයත් වෙළෙඳසැල් ස්ථාපිත කර තිබේ. පසුගිය වසරේ දී චීනය සමග ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙදාම 3%කින් ඉහළ ගොස් ඇති බව, වාණිජ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙරට ආහාර නිෂ්පාදන සඳහා සහයෝගය ලබා දීමටයි, සාකච්ජාවේදී චීන තොග වෙළෙඳ සංගමයේ සභාපති සෙන්ග්ජුන් මා මහතා එකඟතාව පළ කළේ.

    Latest News